March 30, 2025

මෙරට මත්පැන් නිෂ්පාදනය මෙම වර්ෂයේ (2025) මුල් භාගයේදී ඉකුත් වසර දෙකට සාපේක්ෂව (2023/2024) සියයට 22කින් ඉහළ ගොස් ඇති බැව් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට ඇති රජයේ මුදල් පිළිබද කාරක සභා වාර්තාවේ සදහන් වේ.

ඉකුත් වසර දෙක තුළ දක්නට නොලැබුණු ප්‍රවනතාවයක් පෙන්නුම් කරමින්, මැත්පැන් නිෂ්පාදනය වැඩිවී ඇති බවද මෙම වාර්තාවේ සදහන් වේ.

සුරාබදු හේතුවෙන් රජයේ ආදායමද සියයට 23කින් වැඩිවි තිබේ.

කෙසේවුවද 2022 වර්ෂයේ දී ලීටර් මිලියන 26ක් වු මෙරට සැර මත්පැන් පරිභෝජනය 2024 වර්ෂයේ දී ලීටර් මිලියන 19.31 දක්වා අඩුවී ඇත.

මත්පැන් මිල වැඩිවීම සහ ආර්ථික අර්බුදය මේ සඳහා හේතුවී තිබේ.

සුරාබදු මුදල වැඩිකිරිමත් සමග නීතිවිරෝධි මත්පැන් පරිභෝජනය තවත් ඉහළ යාහැකි බවද කාරක සභා වාර්තාවේ සදහන් වේ.

සැම වසරකම නීතිවිරෝධි ලෙස ස්ප්‍රීතු ලීටර් මිලියන 30-35ක් අතර සංඛ්‍යාවක් පාරිභෝජනය කෙරේ.

මෙම තත්වය හමුවේ, ආරක්ෂාව සහ ගුණාත්මක ප්‍රමිතින් සහතික කරමින් නව මධ්‍යසාර පාන වර්ගයක් හඳුන්වාදීමට යෝජනාවක් ද ඉදිරිපත්ව ඇත.

සුරාබදු ආදායම පවත්වා ගැනීමට සහ පාරිභෝගික ඉල්ලුම සපුරාලීමට මෙරට වැඩිපුරම පාරිභෝජනය කරණු ලබන මිලිලීටර් 180 පරිමාවෙන් යුත් කාලයේ බෝතල් සියයට 25ක මධ්‍යසාර අන්තර්ගතයක් සහිතව නිෂ්පාදනය කිරීම ද මෙම සැලසුමට ඇතුළත්ව තිබේ.