January 12, 2025

පසුගිය වසරේ මත්පැන් සඳහා සුරාබදු 20%කින් වැඩි කිරීම නිසා මත්පැන් පරිභෝජනය ලීටර් මිලියන 8.3කින් කැපී පෙනෙන ලෙස අඩු වූවද රජයේ ආදායම රුපියල් බිලියන 11.6කින් ඉහළ ගොස් ඇති බව මත්පැන් සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) අනාවරණ කරයි.

මත්පැන් සහ දුම්කොළ සඳහා වන නවතම බදු වැඩිවීම ගැන ප්‍රශංසා කරන එම ආයතනයේ විධායක අධ්‍යක්ෂ සම්පත් ද සේරම් පැවසුවේ මෙම පියවර මහජන සෞඛ්‍ය අවදානම අඩු කිරීම සඳහා වැදගත් පියවරක් බවයි.

අධික ලෙස මත්පැන් පානය කිරීම සහ දුම්පානය වැනි හානිකර පුරුදු අධෛර්යමත් කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිර්දේශ සමඟ එවැනි පියවරන් ගැළපෙන වන බව ඔහු සඳහන් කළේය.

ඉහළ බදු මගින් පරිභෝජනය අඩු කිරීම පමණක් නොව රාජ්‍ය ආදායමට ඉහළ තල්ලුවක් ලබා දෙන බවත් ද සේරම් පැවසීය.

මත්පැන් සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයට අනුව, පසුගිය වසරේ සිගරට් අලෙවිය ද තියුණු පහත වැටීමක් පෙන්නුම් කර තිබේ.

සිගරට් පාවිච්චිය ඒකක මිලියන 521.5කින් පහත වැටුණ ද සිගරට්වලින් ලැබුණු බදු ආදායම රුපියල් බිලියන 7.7කින් ඉහළ ගොස් තිබේ.

42.31%
17.27%
32.76%