Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්‍රජාතන්ත්‍රවාදී රටක වැදගත්ම කුළුණක් ලෙස ජනමාධ්‍යය හැඳින්විය හැකි බවත්, ජනමාධ්‍යයට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් අවශ්‍ය නැති බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පැවැසීය.
ඊයේ පැවැති ජනහමුවකදී ජනාධිපතිවරයාට දැඩි සේ දෝශාරෝපණය කළ සජිත් ප්‍රේමදාස, ජනමාධ්‍යය පාලනය කිරීමට උත්සාහ නොකරන ලෙසද ඉල්ලා සිටියේය.
ජනාධිපති අපේක්ෂකයකු ලෙස සිටියදී ජනමාධ්‍යය අයිතීන් ගැන හඬ නැගූ අනුර කුමාර දිසානායක, අද ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව ජනමාධ්‍යයට උපදෙස් දීමට සහ මර්දනය කිරීමට උත්සාහ කරන බවද සජිත් ප්‍රේමදාස සඳහන් කළේය.
“ජනාධිපති අපේක්ෂකයෙක් වෙලා හිටපු කාලේ ජනමාධ්‍ය නිදහස, අයිතිවාසිකම්, ආරක්ෂාව ගැන කතා කළා. නමුත් දැන් අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ජනමාධ්‍යයට උපදෙස් දෙන්න හදනවා. ජනාධිපතිතුමාට අපි කියන්න කැමතියි මාධ්‍යයට උපදෙස් දීම සහ මර්දනය කිරීම නවත්වන්න කියලා,” ඔහු පැවැසීය.
ජනමාධ්‍ය ආයතන විසින් ආචාරධර්ම පිළිපැදිය යුතු නමුත් එය කළ යුත්තේ ජනමාධ්‍යය විසින්ම සකස් කරන රෙගුලාසි මත බව පවැසූ සජිත් ප්‍රේමදාස, ජනාධිපතිවරයා හෝ රජය ජනමාධ්‍ය පාලනයට උපදෙස් දීම හෝ නීති ගෙනඒම ජනමාධ්‍ය නිදහසට සහ ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක් යැයිද වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart