
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රිළා ගැටලුවට විසඳුමක් බලාපොරොත්තුවෙන් සිටි ගොවීන්ට හා ගම්වාසීන්ට ගපොළදොළුව ගොඩවෙල වසමේ රාජ්‍ය නිලධාරීන් විසින් දැඩි නීතිරීති පනවමින් රජයේ සහනය යටතේ වායු රයිෆල් ලබාදීමට පැය හතරක පමණක් කාලයක් ලබාදීමේ සිද්ධියක් මුල්කර ගනිමින් ප්‍රදේශවාසීන් එම නිලධාරීන්ට දැඩි ලෙස විරෝධයක් එල්ල කර ඒ පිළිබඳව කෘෂිකර්ම ඇමැති ලාල් කාන්තට ද පැමිණිලි කර තිබේ.
ගොඩවෙල වසමේ රාජ්‍ය නිලධාරීන් විසින් ජනතාවට තොරතුරු ලබාදීම සඳහා ක්‍රියාත්මක කර ඇති වට්ස්ඇප් සමූහයට 25 වැනිදා පෙරවරු 11.44 ට කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීවරිය මේ පිළිබඳව විස්තර යොදමින් සඳහන් කර ඇත්තේ, කෘෂි උපදේශක කාර්යාලය හරහා සියයට පනහක දායකත්වයට වායු රයිෆල් ලබාගැනීමට අවශ්‍ය අයකු සිටී නම් එම සමූහය වෙත දන්වන ලෙසයි.
අධික රිළා ගහණය නිසා දැඩි පීඩාවට පත්ව සිටින මෙම වසමේ ඇති ගල්පිහිල්ල ගුරුකැලේ (කොටසක්) ගොඩවෙල වටගොඩවත්ත ආදී ප්‍රදේශ වල පීඩාවට පත්ව සිටින පවුල් 426 කට අයත් 1700 ක් වූ ජනගහණයෙන් මෙම පණිවීඩය අටදෙනකු පමණක් දැක තිබියදී මෙම නිලධාරීන් එදිනම සවස 3. 44 ට දැනුවත් කර ඇත්තේ වායු රයිෆල් ලබාදෙන කාලය අවසන් බවයි.
රජයේ සහන යටතේ මෙසේ වායු රයිෆල් ලබාදීමට පැය හතරක පමණක් කාලයක් ලබාදීම මැතිවරණවලදී ඡන්දය දීමට පැය කිහිපයක් පමණක් ලබාදීමට සමාන යැයි පවසා, මේ පිළිබඳව මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව වෙත දැන්වීමේ අරමුණින් මහනුවර දිසාපතිවරයාට එම ජනතාව පැමිණිලි කර තිබේ.
රිළා ගහණය පාලනය කිරීමට රජය මගින් පසුගිය කාල වලදී ගම්මාන වල මහජන අදහස් ලබාගැනීමේදී ද මෙම නිලධාරීන් ගොවීන් වෙත ප්‍රශ්න ඉදිරිපත් කරමින් රිළවුන්ගේ ආහාර පිළිවෙළින් කියන ලෙස දන්වා තිබේ.
ගොවීන් පවසා ඇත්තේ ගිනිදලු හැර රිළවුන් සියලු ආහාර ගන්නා නිසා මෙවැනි ප්‍රශ්න නොඅසන ලෙසයි.
කෙසේවෙතත් ජනතාව ඉල්ලා සිටින්නේ රජය ලබා දෙන සහන පිළිබඳව දැනුවත් වීමට ජනතාවට ප්‍රමාණවත් කාලයක් ලබාදෙන ලෙසය.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart