Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අද දිනයේත් (දෙසැම්බර් 18) වායු දූෂණයේ දුම් පටලයෙන් කොලඹ සහ ආසන්න නගරයන් වෙළී තිබෙන බව දැකගත හැකිවිය. මීදුමක් ලෙස පෙනෙන මේ මගින් අප රටේ වාතයේ ගුණාත්මක තත්වය අනතුරුදායක තත්වය දක්වා පහත වැටී තිබෙන බව අද දිනයේ ප.ව.19.00 (ප.ව 7.00) අදාල IQAiR වාර්තාව අනුව වාර්තා විය. ශ්‍රී ලංකාවේ නගර ගණනාවක වායු තත්ව දර්ශකය අනුව වායු ගුණාත්මක තත්වය පෙන්වන වායු තත්ව දර්ශක අගය අනතුරුදායක සීමාව හෙවත් සෞඛ්‍යයට අහිතකර (Unhealthy) වන ලෙස සලකනු ලබන ඒකක 150 අගය ඉක්මවා ගොස් තිබේ.
මෙම තත්ව පවතින නගර අතර රත්නපුර, කලවාන, ගාල්ල,කුරුණෑගල, පුත්තලම, ගාල්ල,මහනුවර සහ පොළොන්නරුව වේ.
වායු තත්ව දර්ශකයේ අගය ඒකක 150 ඉක්මවා ගිය පසු සාමාන්‍ය සෞඛ්‍ය තත්වයේ සිටින අයට පවා ශ්වසන ආබාධයන්ට ලක්වීමේ අවදානමක් පවතී.
මෙම අවලඹිත අංශු ශ්‍රී ලංකාවේ වායු තලයට පැමිණීම නොවැම්බර් මස මුල සිට පැවති අතර, මේ වන විට එය දින 45 ඉක්මවා ගොස් තිබේ. එසේම හිරුඑළිය පතිතවීම අඩුවීමෙන් කෘෂිකර්මය කෙරේ බලපෑම් කෙසේ සිදුවේද යන්න පිළිබඳව අධ්‍යයයන සිදුකෙරෙන බවක් දැන ගන්නට නොමැත.
ඉන්දියාවේ කටයුතු නිසා ශ්‍රී ලංකාවට මුහුණපාන්නට සිදුවන මෙම පීඩාව මුල් වරට දැනගත්තේ 2019 වසරේදීය. මීළඟ දෙවසරේ (2020 සහ 2021) එය වර්තා නොවුණත්, 2022 සහ 2023 දෙවසරේද නැවතත් මෙම තත්වය අත්විඳින්නට සිදුවිය.
එක් රටක සිදුකරන කටයුතු හේතුවෙන් තවත් රටවලට සිදුවන පරිසර දූෂණය හෙවත් අන්තර් රාජ්‍ය පරිසර දූෂණ (Trans-boundary Pollution) පිළිබද අප කාටත් වඩාත්ම දැනෙන නිදසුන වන්නේ මෙයයි. මෙහිදී ශ්‍රී ලංකාව විසින් මෙම තත්වය වළක්වා ගැනීමේ හැකියාව පිළිබඳව ඉන්දියාව සමඟ සාකච්ඡා කළ යුතු වේ.
මේ තත්වයට ලක්වීමෙන් මා හට මේ වසරේදී මෙන්ම කලින් වසරවල සහ 2019 වසරේදී පවා ආබාධයට ලක්වී ප්‍රතිකාර ගැනීමට සිදුවිය.
අප මේ පිළිබඳව 2019 සිට අදාළ බලධාරීන් වෙත කරුණු ඉදිරිපත් කර තිබෙන බවත් අවසන් වශයෙන් සඳහන් කරන්නෙමි.
(නීතිඥ ජගත් ගුණවර්ධනගේ ෆේස්බුක් පිටුවෙන්)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart