January 31, 2024

ශ්‍රී ලංකාව සහ මාලදිවයින සම්බන්ධ කරන ගුවන් ගිලන්රථ සේවාවක් 2024 මාර්තු 01 වන දින ආරම්භ කිරීමට නියමිතය.

එමගින් මාලදිවයින් වැසියන්ට ශ්‍රී ලංකාවට කඩිනමින් පැමිණ වෛද්‍ය ප්‍රතිකාර ලබාගත හැකි බව විෂය භාර ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

මාලදිවයිනේ ප්‍රවාහන හා ගුවන් සේවා ඇමැති මොහොමඩ් අමීන් සහ ශ්‍රී ලංකාවේ වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා අතර ඊයේ පැවැති සාකච්ඡාවකදී මේ පිළිබඳ එකඟතාවන්ට පැමිණ ඇත.

42.31%
17.27%
32.76%