Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ දියණිය වන ද්වාරකා ප්‍රභාකරන් තවමත් ජීවතුන් අතර සිටින බවට කෘත්‍රිම බුද්ධිය යොදාගනිමින් වීඩියෝ පටයක් නිපදවා, එය ලබන නොවැම්බර් 27 වැනිදා ලොව පුරා ප්‍රචාරය කිරීමට සූදානම් වන බවට විදෙස් බුද්ධි අංශ ශ්‍රී ලංකාවට අනතුරු අඟවා ඇති බව තතු දත් ආරංචි මාර්ග පවසයි.
නොවැම්බර් 27 වෙනිදා එල්.ටී.ටී.ඊ.ය විසින් ‘මා වීරර්’ දිනය හෙවත් මහාවිරු දිනය ප්‍රකාශයට පත්කළ දිනය වන අතර එදින ප්‍රභාකරන් විශේෂ කතාවක් කිරීම අතීතයේ සිරිත විය.
නෝර්වේ හි පිහිටි අන්තර්ජාතික එල්ටීටීඊ ජාලය මෙම වීඩියෝ පටය යොදාගෙන විදේශ රටවල අරමුදල් රැස්කිරීමට සැලසුම් කර ඇති බවද හෙළිවී ඇත.
මේ සඳහා එල්ටීටීඊ නායක ප්‍රභාකරන්ගේ නෝර්වේහි සිටින ඥාතීන්ගේ කැමැත්තද ලබාගෙන ඇති බවද අනාවරණය වී තිබේ.
පෙරිම්පනායගම් සිවපරන් නොහොත් නෙදියවන් නෝර්වේ සිට එල්ටීටීඊ සංවිධානය යළි පණ ගැන්වීමට කිහිපවරක් උත්සාහ කළ නමුත් එය ව්‍යර්ථ කිරීමට බුද්ධි අංශ සමත් විය.
මීට පෙර 2023 සැප්තැම්බර් මාසයේදීද, ඝාතනය වූ එල්ටීටීඊ නායක ප්‍රභාකරන්ගේ දියණිය වන ද්වාරකා ජිවතුන් අතර සිටින බව දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබිණි.
එහි දක්වන්නේ ද්වාරකා යැයි හඳුන්වාදෙන සුදු පැහැති ඇඳුමකින් සැරසුණු කාන්තාවක් උතුර නැගෙනහිර පළාත්වල සංචාරය කරන බව කියැවෙන දර්ශන පෙළකි.
මෙම වීඩියෝව භාවිත කරමින් පිරිසක් විශාල ලෙස මුදල් රැස්කළ බව වාර්තා විය.(Daily Mirror)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart