November 22, 2023

ගුණාත්මක කිතුල් හකුරු සහ අනෙකුත් ඒ ආශ්‍රිත නිෂ්පාදන සඳහා පවතින ඉහළ ඉල්ලුම සැළකිල්ලට ගෙන වනජීවී හා වන සංරක්ෂණ ප්‍රදේශවල ගස් කැපීමට කිතුල් කැපීමේ කර්මාන්තයේ නියැලෙන්නන්ට අවසර ලබාදෙන ලෙස කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර වනජීවී හා වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගෙන් ඉල්ලා ඇත.

ඒ අනුව මෙම ප්‍රදේශවල කිතුල් කැපීම සඳහා අවසර ලබාදීමට වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එකඟ වී ඇත.

කිතුල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා අන්තර්ජාතික වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් පවතින බැවින් කිතුල් නිෂ්පාදනවල ප්‍රමිතිය තහවුරු කිරීමට පියවර ගත යුතු බවද ඇමැතිවරයා පවසයි.

මෙම නීති රෙගුලාසි සකස් කිරීම අවසන් කර ඇති අතර, ඒවා කඩිනමින් ප්‍රකාශයට පත් කිරීමට කිතුල් සංවර්ධන මණ්ඩලය පියවර ගෙන ඇති බවද පැවැසේ.

ඇතැම් නිෂ්පාදනවලට සීනි එකතු කිරීම හේතුවෙන්, කිතුල් නිෂ්පාදනවල ගුණාත්මක බව තහවුරු කිරීම සඳහා නව නීති රීති මාලාවක් හඳුන්වාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

42.31%
17.27%
32.76%