May 5, 2024

ශ්‍රී ලංකාවට ඇතුළුවීම සඳහා ඉලෙක්ට්‍රොනික සහ පැමිණීමේ වීසා සම්බන්ධ ලියකියවිලි හැසිරවීම සඳහා රජය GBS Technology Services, IVS Global-FZCO සහ VFS VF Worldwide Holdings Ltd සමඟ අත්සන් කළ ගිවිසුම අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක පවසයි.

පසුගියදා ඇතිවූ ගැටලුවලට හේතුව පද්ධතියේ ප්‍රමාදයන් සහ ගැටළු ඇතුළු තාක්ෂණික දෝෂයන් පමණක් බව ‘Sunday Times’ වෙත අදහස් දක්වමින් ලේකම්වරයා සඳහන් කර ඇත.

එසේම ලබන සතියේ සිට එම සමාගම් සමග නැවත කටයුතු ආරම්භ කරන බවද ලේකම්වරයා තහවුරු කර තිබේ.

ශ්‍රී ලංකාවේ ආගමන කටයුතු හසුරුවන ‘ඉන්දියානු’ කාර්ය මණ්ඩලය තම විදේශීය බිරිඳට වීසා ලබාදීම ප්‍රතික්ෂේප කළ බවට චෝදනා කරමින් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළට පැමිණෙන මගියකුගේ අදහස් පලකරන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යවල පළවීමෙන් පසු පසුගිය සතියේ මේ සම්බන්ධයෙන් විශාල ආන්දෝලනයක් ඇති විය.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් GBS Technology Services සහ IVS Global-FZCO වෙත වීසා සැකසීම බාහිරින් ලබා දී ඇති බව පසුව අනාවරණය විය.

මෙය වසර කිහිපයක් තිස්සේ ගැටළු රහිතව ක්‍රියාත්මක වූ පැරණි ඉලෙක්ට්‍රොනික සංචාරක අවසර (ETA) පද්ධතිය වෙනුවට අලුතින් ක්‍රියාත්මක වන ක්‍රමවේදයකි.

ශ්‍රී ලංකාවට පැමිණීමේදී වීසා ගාස්තු ද මෑතකදී ඩොලර් 75 (සහ සාක් රටවල් සඳහා ඩොලර් 35) ලෙස සංශෝධනය කරන ලද අතර, වීසා නිකුත් කිරීම බාහිර පාර්ශවයක් වෙත ලබාදීමෙන් අමතර සේවා සහ පහසුව සඳහා ගාස්තු එක් අමුත්තෙකුගේ අයකිරීම පිරිවැය ඩොලර් 100 ඉක්මවා ඇත.

සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු පසුගිය සතියේ ප්‍රකාශ කළේ මෙම වෙනස තමන් නොදැනුවත්ව සිදුවූවක් බවයි.

42.31%
17.27%
32.76%