42.31%
17.27%
32.76%
September 28, 2024

මින් ඉදිරියට රජයේ පාලන මිලට සහල් විකිණීමට තමා සූදානම් බව ප්‍රසිද්ධ සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන ප්‍රකාශ කරයි.

ජනමාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු සඳහන් කළේ මේ මොහොතේ රජයේ පාලන මිලට සහල් අලෙවි කිරීමට තමාට සදාචාරාත්මක වගකීමක් බවයි.

එසේම රටේ නායකයාට සහයෝගය ලබාදීම සිය වගකීම බවද ඔහු අවධාරණය කරයි.

තමා සමග අනෙකුත් ප්‍රධාන සහල් ව්‍යාපාරිකයන්ද මෙම තීරණය ක්‍රියාත්මක කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

42.31%
17.27%
32.76%