Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තිරප්පනේ ප්‍රදේශවාසීන් පවසන්නේ, අග්බෝ ඇතා පුරුද්දක් ලෙස තම ගම්බිම් අවට සැරිසැරීමට පටන් ගෙන ඇති අතර, එමගින් ඇතාගේ ජිවිතයට දැඩි අවධානමක් නිර්මාණය වී ඇති බවයි.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ වන අග්බෝ වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාරවලින් අනතුරුව සුවය ලබා ඇත.
තුවාලවලින් සුවය ලැබූ ඇතානැවතත් ගම්මානවලට ඇතුළුවීමට පටන් ගත්තේ ගම්වාසීන්ගේ වගාවන්ට හානි කරමිනි.
මාස හතරකට ආසන්න කාලයක් වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මෙම අලියා රැකබලාගෙන ඇති අතර, සුවය ලැබීමෙන් පසු සුපුරුදු සිය ජීවන රටාව ආරම්භ කළ බව ජනතාව ප්‍රකාශ කරති.
පශු වෛද්‍යවරුන්ගේ නිර්දේශ අනුව අග්බෝ ඇතාට ප්‍රතිකාර කාලය තුළ දිනකට එළවළු, පලතුරු සහ තණකොළ කිලෝග්‍රෑම් 250ත් 300ත් අතර ප්‍රමාණයක් ලබා දී ඇත.
දැන් ඇතා තිරප්පනේ ප්‍රදේශයේ වගාවන් විනාශ කරමින් සිටී.
ප්‍රදේශවාසීන් පවසන්නේ, මෙලෙස වගා විනාශ කිරීම හේතුවෙන්, කවරකු විසින් හෝ ඇතාගේ ජිවිතයට හානි කිරීමේ හැකියාව පවතින බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart