Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාස හතරකට අධික කාලයක් වනජීවී සංරක්ෂණ නිලධාරීන්ගේ ප්‍රතිකාර ලබමින් ප්‍රතිකාර ලබමින් සිටි අග්බෝ ඇතා මේ වන විට සුවය ලැබීමෙන් පසු ගම්වලට සැරිසරමින් ආහාර සොයා නිවෙස්වලට අලාභහානි සිදුකරමින් සිටින බව වාර්තා වේ.
තුවාල ලබා සිටි හස්තියාට සැලකිව යුතු කාලයක් එහා මෙහා ගමන් කිරීමේ හැකියාවක් පැවතුණේ නැත.
ඉදිරි පාදයකට බරපතළ තුවාල ලබා සිටි අග්බෝ දින 86කට වැඩි කාලයක් වනජීවී දෙපාර්තමේන්තුවේ ශල්‍ය වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර හා රැකවරණය යටතේ රඳවාගෙන සිටියේය.
ඇතාගේ ජීවිතය බේරාගැනීම සඳහා ඔවුන් ශල්‍යකර්ම කිහිපයක් සිදුකර තිබිණි.
ප්‍රදේශවාසීන් පවසන්නේ, සුව අතට හැරෙමින් සිටින හස්තියා මේ වන විට රාත්‍රියේදී කිලෝමීටර් 10 ක් පමණ ඇවිදිමින් ආහාර සොයා ගම්මානවල සැරිසරන බවයි.
තිරප්පනේ ප්‍රදේශයේ වගා බිම්, ගෙවතු වගාවන් සහ නිවාස කිහිපයක් ද ඉන් විනාශ වී ඇති බව ගම්මු පෙන්වාදෙති.
අග්බෝට ගම්වල සැරිසැරීමට ඉඩ දුන්නොත් සිය ජීවිතවලට අනතුරු සිදුවිය හැකි බව ගම්මු පෙන්වාදෙති.
හස්තියා අල්ලා රක්ෂිතයක ස්ථානගත කරන ලෙස ඔවුහු වනජීවී සංරක්ෂණ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart