Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අග්බෝ හස්තියා නැවතත් ගම්වැදීමට පටන්ගෙන තිබේ.
බඳින තුවක්කුවකට හසු වීමෙන් ඉදිරිපස වම් පාදය තුවාල වී සිටි අග්බෝ හස්තියාට මාස 07ක් පුරා දිගින් දිගටම සිදුකළ වෛද්‍ය ප්‍රතිකාර හමුවේ මේ වනවිට යම් සුවයක් ලැබී තිබේ.
එහෙත් මේ වනවිට උද්ගත වී ඇති ගැටලුව වන්නේ, ඇතා රාත්‍රී කාලයේ තමන් රැඳී සිටින තිරප්පනේ ප්‍රදේශයේ අවට ගම්මානවල සැරිසරමින් හානි සිදුකිරීමයි.
මේ හේතුවෙන් එම ගම්වැසියන්ට නිදිවර්ජිත ව සිට සිය ජීවිත ආරක්ෂාව සලසා ගැනීමට සිදුව තිබේ.
විශාල ප්‍රමාණයේ දිගු දළ යුගලක් සහිත අඩි 10ක් පමණ උසැති අග්බෝ ඇතා අනුරාධපුර තිරප්පනේ රක්ෂිතයේ සිටිය දී පසුගිය වසරේ ජුනි 12 වනදා වනජීවී නිලධාරීන් විසින් සොයාගනු ලැබිණි.
ඒ, බඳින තුවක්කුවකට හසුවීමෙන් ඉදිරිපස වම් පාදයට දැඩි ලෙස තුවාල වී සිටියදීය.
එතැන් සිට අග්බෝ ව නිර්වින්දය කර දිගින් දිගටම ප්‍රතිකාර ලබාදෙන්නට පශු වෛද්‍යවරු පියවර ගත්හ.
ඒ අනුව මාස 07ක පමණ කාලයකින් පසු ඇතා යම් සුවයක් ලබා ඇති අතර, තමන් දිගු කාලයක් රැඳී සිටි තිරප්පනේ අවට ප්‍රදේශවල සැරිසැරීමට හුරු ව තිබේ.
ඇතා දහවල් කාලයේ ගම්මාන ආශ්‍රිත කුඩා වනලැහැබ තුළ රැඳී සිට රාත්‍රියේ දී ගම් වැදීම සිදු කරන බව වාර්තා වේ.
තිරප්පනේ – කාරඹෑගම හා රබෑව යන ගම්මානවල ජනතාව වගාකර ඇති වී, බඩඉරිඟු හා වෙනත් බෝග රැසක මේ වනවිට ඵල දැරීම සිදුවන අතර අග්බෝ මෙම වගාවන්ට හානි කරන බව ගම්වාසීහු චෝදනා කරති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart