March 5, 2025

ස්ථාන මාරු ලබාදීම ප්‍රතික්ෂේප කළ පොලිස් ස්ථානාධිපතිවරුන් 44 දෙනකුගේ ලැයිස්තුවක් වැඩබලන පොලිස්පතිවරයා පොලිස් කොමිසම වෙත යොමුකර තිබේ.

පෙර අවස්ථාවේ පොලිස් කොමිසම විසින් එම ස්ථාන මාරු කිරීම් ප්‍රතික්ෂේප කරමින් කියාසිටියේ ඒ සඳහා හේතු දක්වන ලෙසයි.

ඒ අනුව, අදාළ ස්ථාන මාරු කිරීම්වල හේතු දක්වමින් පොලිස්පතිවරයා ජාතික පොලිස් කොමිසම වෙත මෙම ඉල්ලීම කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය සඳහන් කළේ, තවත් පොලිස් ස්ථානාධිපතිවරුන් පිරිසකට ස්ථාන මාරු ඉදිරියේදී ලබාදෙන බවයි.