November 5, 2023

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහජන චීන සමූහාණ්ඩුවේ 10 වැනි බීජිං ෂියැන්ග්ෂාන් සංසදයට සහභාගී වී තිබේ.

ඔක්තෝබර් 28 සිට නොවැම්බර් 2 දක්වා පැවති එම සංසදයේ මෙම වසරේ තේමාව වී තිබුණේ “පොදු ආරක්ෂාව, කල්පවත්නා සාමය” යන්නයි.

චීනයේ හමුදා විද්‍යා සංගමය සහ බීජිංහි ජාත්‍යන්තර උපායමාර්ගික අධ්‍යයන ආයතනය ඊට සම සත්කාරකත්වය දක්වා තිබිණි.

සිය දේශනය අතරතුර ජෙනරාල් සිල්වා, ගෝලීය ආරක්ෂක භූ දර්ශනය හැඩගැස්වීමේදී සංවර්ධනය වෙමින් පවතින රටවල් ඉටුකරන ප්‍රධාන කාර්යභාරය පිළිබඳ අවධානය යොමු කළේය.

ජාතීන් මුහුණ දෙන අභියෝග සහ සමකාලීන ආරක්ෂක ගැටලු ඵලදායී ලෙස විසඳීම සඳහා ස්ථාවරත්වය සහ සහයෝගීතාව පෝෂණය කිරීමේ වැදගත්කමද ඔහු පැහැදිලි කළේය.

චීන මධ්‍යම හමුදා කොමිසමේ සාමාජික සහ එහි ඒකාබද්ධ මාණ්ඩලික දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ජෙනරාල් ලු ෂෙන්ලි, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ සක්‍රීය සහභාගීත්වය පිළිබඳ සංසදයේ කෘතඥතාව පළ කළේය.

42.31%
17.27%
32.76%