
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යටත් විජිත යුධ අධිකරණයේ තීන්දුවක් අනුව වසර 108කට පෙර එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
එවකට 27 හැවිරිදි එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් හමුදා උසාවියකට ඉදිරිපත් කර ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය විසින් රාජද්‍රෝහී චෝදනාවට වරදකරු කරන ලද අතර, රජයට එරෙහිව කැරලි සහ ද්‍රෝහිකම් කළ බවට චෝදනා කරමින් 1915 දී සියලු අභියාචනා නොසළකා හැර මරණ දඬුවම නියම කෙරිණි.
අභාවප්‍රාප්ත හෙන්රි පේද්‍රිස්ගේ දේහය යුද නීතිය යටතේ වරදකරු වූ අපරාධකරුවකුගේ ආදාහනය සඳහා නියම කර ඇති ක්‍රියා පටිපාටියට අනුව හෙළිනොකළ ස්ථානයක ආදාහනය කර තිබේ.
කෙසේවෙතත් ඔහු ඝාතනය කර ඇත්තේ, එවකට රට පාලනය කළ ඉහළ නිලධාරීන් සිදුකළ සැලසුමක ප්‍රතිඵලයක් ලෙස බව පසුව අනාවරණය විය.
එමනිසා මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් ඝාතනයට අදාළ තොරතුරු සොයා, අදාළ කරුණු අධ්‍යයනය කර ඔහුට සාධාරණය ඉටුකිරීම සඳහා නිර්දේශ සහිත වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම එම කමිටුවට පැවරී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart