July 16, 2024

විවිධ මාධ්‍යවල පළවන අසත්‍ය ප්‍රකාශ හෙළාදකින අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ, යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී සාමාන්‍ය අධ්‍යාපනයේ සෞන්දර්ය විෂයයන් අත්‍යවශ්‍ය අංගයක් ලෙස අඛණ්ඩව පවතිනු ඇති බවයි.

ඒ අනුව සෞන්දර්ය විෂයන් සම්බන්ධයෙන් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයට අනුව සෞන්දර්ය විෂයයන් කණිෂ්ඨ ද්විතියික අධ්‍යාපනය, ජ්‍යෙෂ්ඨ ද්විතීයික අධ්‍යාපනය සහ අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ වලදී වැඩිදුර හැදෑරිය හැකිය.

උසස් පෙළ විභාගයට පෙනීසිටින සිසුන් සඳහා සෞන්දර්ය විෂයයන් අඛණ්ඩව පවතිනු ඇත.

42.31%
17.27%
32.76%