Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අමෙරිකානු ඩොලර් මිලියන 265 ක අල්ලස් ලබාදීමකට සම්බන්ධ බවට අමෙරිකානු බලධාරීන් විසින් කරන ලද චෝදනාවලට අදානි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ ගෞතම් අදානි ප්‍රථම වරට ප්‍රතිචාර දක්වා තිබේ.
ඒ අනුව, අදානි පවසා ඇත්තේ ඔහුගේ සමූහ ව්‍යාපාරය ලෝක මට්ටමේ නියාමන අනුකූලතාවන්ට කැපවී සිටින බවයි.
මෙම අධිචෝදනා පත්‍රය වසර දෙකක කාලයක් තුළ අදානි මුහුණ දුන් දෙවැනි අර්බුදයයි.
ඉන්දියාව පුරා මෙන්ම ලෝකය පුරා නව චෝදනා මාලාව දැඩි කතාබහට ලක්ව තිබේ.
අදානි සමූහයට එල්ල වූ චෝදනා හේතුවෙන් ඉන්දියාව සමඟ බලශක්ති ගනුදෙනුවක් සමාලෝචනය කරමින් සිටි ප්‍රංශයේ ටෝටල් එනර්ජීස් සමාගම එහි ආයෝජන අත්හිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
එමෙන්ම අදානි සමූහයට එල්ල වූ චෝදනා ඉන්දියාවේ දේශපාලන ක්ෂේත්‍රය තුළ ද මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය කර ඇති අතර, ඒ ඔස්සේ පාර්ලිමේන්තු කටයුතු සඳහා පවා බාධා එල්ල වී තිබේ.
“සති දෙකකටත් අඩු කාලයකට පෙර, Adani Green Energy හි අනුකූලතා භාවිතයන් පිළිබඳව අමෙරිකාවෙන් අපට චෝදනා මාලාවකට මුහුණ දීමට සිදුවිය. අපි මෙවැනි අභියෝගවලට මුහුණදුන් පළමු අවස්ථාව මෙය නොවේ” යැයි සම්මාන උළෙලක දේශනයක් පවත්වමින් ගෞතම් අදානි පැවැසීය.
ගෞතම් අදානි, ඔහුගේ බෑණනුවන් මෙන්ම විධායක අධ්‍යක්ෂවරයකු ද වන සාගර් අදානි සහ Adani Green (ADNA.NS) හි කළමනාකාර අධ්‍යක්ෂ, Vneet S. Jaain, ඉන්දියානු බල සැපයුම් කොන්ත්‍රාත්තු ලබාගැනීම සඳහා අල්ලස් ලබාදී අමෙරිකානු ආයෝජකයන් නොමඟ යැවූ බවට අමෙරිකානු බලධාරීන් චෝදනා කර තිබේ.
අදානි සමූහය එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර, චෝදනා පදනම් විරහිත බවත් ඒවාට එරෙහිව හැකි සියලුම නීතිමය කටයුතු සිදුකරන බවත් ප්‍රකාශ කර ඇත.
“මට ඔබට පැවසිය හැකි දෙය නම්, සෑම ප්‍රහාරයක්ම අපව ශක්තිමත් කරන අතර සෑම බාධකයක්ම වඩාත් ඔරොත්තු දෙන අතර ඒවා අදානි සමූහය සඳහා අඩිතාලමක් බවට පත්වන බවයි,” යනුවෙන් ගෞතම් අදානි උතුරු ඉන්දියාවේ ජායිපූර් නගරයේදී පැවසීය.
“අද ලෝකයේ, ධණාත්මක කරුණු වලට වඩා සෘණාත්මක බව වේගයෙන් පැතිරෙයි. එමෙන්ම අපි නීතිමය ක්‍රියාවලිය හරහා වැඩ කරන විට,
ලෝක මට්ටමේ නියාමන අනුකූලතාව සඳහා අපගේ පරම කැපවීම නැවත තහවුරු කිරීමට මට අවශ්‍යයි, ”ඔහු වැඩිදුරටත් පැවසීය.
මේ අතර අදානි සමූහ ව්‍යාපාරයේ මූල්‍ය ප්‍රධානියා අමෙරිකාවෙන් එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර ඉන්දීය රජය කියා සිටියේ නඩුව සම්බන්ධයෙන් අමෙරිකාවෙන් දැනුම්දීමක් ලැබී නොමැති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart