February 13, 2025

ශ්‍රී ලංකාවේ ඩොලර් මිලියන 442 ක සුළං බලශක්ති ව්‍යාපාරයක තවදුරටත් සම්බන්ධ වීමෙන් ඉවත් වූ බව අදානි සමූහය අද නිවේදනය කළේය.

ශ්‍රී ලංකාවේ බලධාරීන් ගිවිසුම වෙනස් කිරීමට උත්සාහ කිරීමෙන් පසුව මෙම තීරණයට එළැඹීමට සමාගම තීරණය කර ඇත.

නිකුත්කර ඇති ජනමාධ්‍ය නිවේදනයක, එම සමාගම මෙසේ සඳහන් කර ඇත.

“ශ්‍රී ලංකාවේ RE සුළං බලශක්ති ව්‍යාපෘතියේ සහ සම්ප්‍රේෂණ ව්‍යාපෘති දෙකක තවදුරටත් සම්බන්ධ වීමෙන් ගෞරවනීය ලෙස ඉවත් වීමට තම මණ්ඩලය ගත් තීරණය අදානි ග්‍රීන් එනර්ජි විසින් දැනුම් දී ඇත. කෙසේවෙතත්, අපි ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපවී සිටින අතර ශ්‍රී ලංකා රජය කැමති නම් අනාගත සහයෝගීතාවයට විවෘතව සිටිමු.”

42.31%
17.27%
32.76%