42.31%
17.27%
32.76%
September 25, 2024

පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් රැසකගේ තනතුරුවල මාරුවීමක් ඉදිරි දිනවලදී සිදුවීමට නියමිතව ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

මේ අතර වැඩබලන පොලිස්පතිවරයකු ද පත් කිරීමට නියමිතව ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන ලලිත් පතිනායක සහ ප්‍රියන්ත වීරසූරිය නම් යෝජනා වී තිබෙන බව පොලිස් මූලස්ථානය පවසයි.

ඉකුත් රජයේ දේශපාලන අවශ්‍යතාවන් මත පත් කර සිටි උසස් නිලධාරීන් කීපදෙනකුට ඉදිරි දිනවලදී එම තනතුරුවලින් ඉවත් කර ඒ සඳහා දක්ෂ පළපුරුදු නිලධාරීන් පත් කිරීමට නියමිතව ඇති බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි.

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නගේ උපදෙස් මත මෙම මාරුවීම් ක්‍රියාත්මක වෙයි.

42.31%
17.27%
32.76%