Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රටවල් කිහිපයක් සමග සිරකරුවන් හුවමාරු කර ගැනීමේ ගිවිසුම්වලට කඩිනමින් අත්සන් තැබීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.
එම ගිවිසුම් මගින් විදේශයකදී අත්අඩංගුවට ගන්නා මෙරටට අවශ්‍ය පුද්ගලයන් කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට හැකියාව ලැබෙන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සඳහන් කරයි.
මේ වනවිට රටවල් කිහිපයක් සමග එවැනි ගිවිසුම් අත්සන් කර ඇති අතර, තවත් රටවල් කිහිපයක් සමග කඩිනමින් සිරකරුවන් හුවමාරු කිරිමේ ගිවිසුම්වලට අත්සන් කිරීමට සැලසුම් කර ඇති බව ඔහු ප්‍රකාශ කරයි.
විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් එම කටයුතු සම්බන්ධීකරණය කරන බව වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කරයි.
මෙරට විවිධ අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් 42 දෙනෙකු මේ වනවිට විදෙස් රාජ්‍යයන් වල සැඟව සිටින බව හෙළිව තිබෙන බව පොලිසිය කියයි.
පොලිසියට අනුව ඔවුන් අතරින් වැඩිම පිරිසක් රැඳී සිටින්නේ ඩුබායිහි ය.
ඉන්දියාවේ හා යුරෝපීය රටවලද තවත් පිරිසක් සැඟව සිටින බවට අණාවරණ වී තිබේ.
එම පිරිස අත්අඩංගුවට ගැනීමට අන්තර්ජාතික පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කර ඇති අතර, නිරන්තරයෙන් බුද්ධි වාර්තා ලබා ගනිමින් සිටින බවද වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart