August 2, 2024

සමලිංගික සබඳතා නීතිගත නොකරන ලෙස රජයට බලකරමින් සමලිංගික සබඳතා පැවැත්වීම හෙළාදකින බව සමස්ත ලංකා ජමියතුල් උලමා (ACJU) සංවිධානය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ACJU පවසන්නේ, සමලිංගික සංස්කෘතිය හෝ සමලිංගිකත්වය කෙරෙහි ආකර්ෂණය වීම ස්වභාවධර්මයට අහිතකර බවයි.

“අල්ලාහ් (සර්ව බලධාරී දෙවියන්) විසින් ස්ථාපිත කරන ලද ස්වභාවික තත්වයන්ට එරෙහිව ඔවුන්ගේ අවශ්‍යතාව නීතිගත කරන ලෙස සමලිංගික කුඩා ප්‍රජාවකගේ ඉල්ලීම් වලට යටත් වීම සුදුසු නොවේ. එය මාරාන්තික රෝග ඇතුළු බොහෝ ගැටලුවලට තුඩු දිය හැකි අතර, සමාජයන් සහ සංස්කෘතීන්හි සදාචාරාත්මක පරිහානිය මිනිස් ස්වභාවයට පටහැනි සංසිද්ධියක් ලෙස ලෝක සමාජ විසින් පුළුල් ලෙස පිළිගෙන ඇති එකකි.

පිරිමියකු පිරිමියෙකු සමඟ හෝ ගැහැණු ළමයෙකු වෙනත් කාන්තාවක් සමඟ බැඳීසිටින මෙම සමලිංගික සංස්කෘතිය සියලු ආගම් සහ සංස්කෘතීන් විසින් දුරාචාර පුරුද්දක් ලෙස නම් කර ඇත,” යැයි ACJU පෙන්වාදෙයි.

රටේ සංස්කෘතික වටිනාකම්වලට අහිතකර මෙම සමලිංගිකත්වය නීතිගත කිරීම මුස්ලිම්වරුන් ලෙස තරයේ හෙළාදකින බව පවසන ACJU, ආගමික, සමාජීය සහ සංස්කෘතික සම්මතයන් පරිහානියට හේතු විය හැකි එවැනි තත්වයන් නීතිගත කිරීම දිරිගැන්වීමෙන් වළකින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

42.31%
17.27%
32.76%