August 3, 2024

බළ­න්ගොඩ නග­ර­යේදී පෙරේදා (01) සවස යතු­රු­පැ­දි­යක් අන­තු­රට ලක්කර සත්හැවි­රිදි දැරි­ය­කට තුවාල සිදු කර පළා­ගිය ලොරි රථ­යක් පිටු­පස එම දැරි­යගේ පියා යතු­රු­පැ­දි­යෙන් ලුහු­බැඳ ගොස් එම ලොරි රථයේ රියැ­දුරු අසුන පැත්තේ ඇති වීදු­රුවේ එල්ලී රියැ­දුරු අල්ලා ගැනී­මට උත්සාහ කර තිබෙන අතර, එහිදී ලොරි රථයේ රියැ­දුරු විසින් නැව­තත් ලොරි රථය ඉදි­රි­යට ධාව­නය කර බළ­න්ගොඩ කහ­ට­පි­ටිය මාර්ග­යේදී විදුලි කණු­වක හප්පා එම පියාව ඝාත­නය කර පළාගොස් ඇති බව බළ­න්ගොඩ පොලි­සිය පැව­සීය.

පල්ලෙ­බැද්ද, අමි­බැ­විල ප්‍රදේ­ශයේ පදිං­චිව සිටි වයි.ඒ. තිලිණ රංග­ලාල් නමැති 32 හැවි­රිදි පියකු මෙලෙස මර­ණ­යට පත්ව ඇතැයි පොලි­සිය සඳ­හන් කළේය.

මෙම දැරිය බල්ලකු විසින් සපා­කන ලදුව පියා සහ මව සමඟ යතු­රු­පැ­දි­යෙන් බළ­න්ගොඩ මූලික රෝහ­ලට පැමිණ එන්නත් ලබා­ගෙන නැවත අමි­බැ­විල ප්‍රදේ­ශය දක්වා යතු­රු­පැ­දි­යෙන් ගමන් කර ඇත.

එහිදී නෙල්ලි මිලදී ගැනීම සඳහා බළ­න්ගොඩ නග­රයේ ප්‍රධාන බස් නැව­තු­ම්පොළ හරහා යතු­රු­පැ­දිය ධාවන කර ඇති අතර, එහිදී පැමිණි ලොරි රථ­යක් යතු­රු­පැ­දියේ හප්පා තිබෙන බවත්, එම අන­තු­රින් 7 හැවි­රිදි දැරි­යට තුවාල සිදුකර ලොරි රථය පළාගොස් ඇති බවත් පොලි­සිය සඳ­හන් කළේය.

එම අව­ස්ථා­වේදී දරුවා බළ­න්ගොඩ මූලික රෝහල වෙත ඇතු­ළත් කරන මෙන් මර­ණ­කරු බිරි­යට පවසා පළාගිය ලොරි රථය පිටු­පස යතු­රු­පැ­දි­යෙන් කිලෝමී­ටර් කිහි­ප­යක් ලුහු­බැඳ ගොස් ලොරි රථය ඉදි­රි­යෙන් යතු­රු­පැ­දිය නතර කර රියැ­දුරු අල්ලාගැනීම සඳහා ලොරි රථයේ රියැ­දුරු ආස­නය පැත්තේ ඇති වීදු­රුවේ සහ දොරේ එල්ලී තිබේ.

එහිදී ලොරි රථය ඉදි­රි­යට ධාව­නය කර විදුලි කණු­වක හප්පා තිබෙන අතර, එහිදී බර­ප­තළ තුවාල ලබා සිටි ඔහු ප්‍රදේ­ශ­වා­සීන් විසින් රෝහ­ල්ගත කිරී­මට කටයුතු කළද ඒ වන විටත් මිය­ගොස් ඇති බව පොලි­සිය පැව­සීය.

පසුව ලොරි රථය නැව­තත් පළාගොස් තිබේ.

අන­තුර සිදු කළ ස්ථාන­යට ගොස් බළ­න්ගොඩ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් භාග්‍යා දිල්රුක්ෂි වික්‍ර­ම­සිංහ විසින් මහේ­ස්ත්‍රාත් පරී­ක්ෂණ සිදු කරන ලද අතර, බළ­න්ගොඩ මූලික රෝහ­ලට ද ගොස් සිරුර සම්බ­න්ධ­යෙන් මහේ­ස්ත්‍රාත් පරී­ක්ෂණ ඊයේ (02) පෙර­ව­රුවේ සිදුකළාය.

පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය විශේ­ෂඥ අධි­ක­රණ වෛද්‍ය­ව­ර­යකු ලවා සිදු කරන ලෙස මහේ­ස්ත්‍රා­ත්ව­රිය පොලි­සිය වෙත නියෝග කළාය.

අන­තු­රින් තුවාල ලැබූ දැරිය බළ­න්ගොඩ මූලික රෝහලේ පළමු වාට්ටු­වට ඇතු­ළත් කර ප්‍රති­කාර ලබයි.(දිනමිණ)

42.31%
17.27%
32.76%