Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ ආරක්ෂක අනුයුක්ත නිලධාරියකු නොමැතිවීම, එහි සිට ක්‍රියාත්මක වන සංවිධානාත්මක අපරාධකරුවන් කොටුකර ගැනීමට ශ්‍රී ලංකාව ගන්නා උත්සාහයට දැඩි පහරක් එල්ල කර ඇති බව ‘ඩේලි මිරර්’ වාර්තා කරයි.
ශ්‍රී ලංකාව විදේශයන්හි, වැඩි වශයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සැඟවී සිටින අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහයන් වේගවත් කර ඇත.
කෙසේවෙතත්, ආරක්ෂක අනුයුක්තක නිලධාරියකු නොමැති වීමෙන් එම උත්සාහයන් අඩාළ වී තිබේ.
තත්ත්වය පිළිබඳව කර ඇති විමසීමකදී ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික මූලාශ්‍රයක් පවසා ඇත්තේ, රජය විසින් විදේශයන්හි සිටින සිය දූත මණ්ඩල සඳහා අවශ්‍ය පත්වීම් ලබාදීමට පියවර ගන්නා බවයි.
දැනට ශ්‍රී ලංකාවට අනුමත සේවක සංඛ්‍යාවේ රාජ්‍ය තාන්ත්‍රිකයන් 100ක හිඟයක් පවතී.
මෑතකදී බඳවාගත් රාජ්‍ය තාන්ත්‍රිකයන් 25 දෙනකුගේ නම්, අනුමැතිය සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යොමුකර ඇති නමුත් එම ක්‍රියාවලිය මාස තුනකට වැඩි කාලයක් ප්‍රමාද වී ඇති බව මූලාශ්‍රය වැඩිදුරටත් පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart