42.31%
17.27%
32.76%
September 26, 2024

කුෂ් ගංජා කිලෝග්‍රෑම් 40කට අධික ප්‍රමාණයක් සමඟ තරුණයකු කටුනායක ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා රේගුව පවසන පරිදි සැකකරු 21 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකි.

තායිලන්තයේ බැංකොක් නුවර සිට අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් අනතුරුව මෙම තරුණයා අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුගේ ගමන් මල්ලේ සඟවා තිබූ මත්ද්‍රව්‍ය තොගය ගුවන් තොටුපළේ ග්‍රීන් චැනල් හි නිලධාරීන් විසින් සොයා ගත් බව ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කළේය.

42.31%
17.27%
32.76%