January 27, 2025

වැල්ලවාය, වීරසේකර ගම ප්‍රදේශයේ 19 හැවිරිදි තරුණියක් විසින් සිදුකළ පිහි ඇනුමකින් 31 හැවිරිදි පුද්ගලයකු මියගොස් තිබේ.

විවාහකයකු වන එම පුද්ගලයා මෙම තරුණිය සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බවත් ඇය සමඟ කුලියට ගත් නිවසක ජීවත් වී ඇති බවත් පොලිසිය පවසයි.

ඊයේ සවස ඇති වූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් පසු කාන්තාව එම පුද්ගලයාට පහර දී ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළි වී තිබේ.

නාවලපිටියේ පදිංචිකරුවකු වන එම පුද්ගලයා වැල්ලවාය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.

හල්දුම්මුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක වන තරුණියව ඝාතනය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වැල්ලවාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

42.31%
17.27%
32.76%