Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිය පෙම්වතියගේ ජංගම දුරකථනයට කෙටි පණිවිඩ යවා ඇමතුම් දුන් බව කියමින්, තරුණයකු ඔහුගේ මිතුරන් 7 දෙනකුද කැඳවාගෙන ගොස් පොලිස් කොස්තාපල්වරයකුට පොලු සහ හෙල්මට්වලින් පහර දීමෙන් කොස්තාපල්වරයා තුවාල ලබා ඇතැයි කරන්දෙණිය පොලිසිය පවසයි.
පහරකෑමට ලක්ව තුවාල ලැබූ පොලිස් කොස්තාපල් බොරකන්ද රෝහලේ ප්රතිකාර ලබමින් පසුවන බව ප්රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මෙසේ පහරකෑමට ලක්වී ඇත්තේ, කරන්දෙණිය ප්රදේශයේ පදිංචි උඩුගම පොලිසියේ රාජකාරි කරන පෙලිස් කොස්තාපල්වරයෙකි.
කොස්තාපල්ට පහර දුන් බව කියන 19 හැවිරිදි තරුණයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් කොස්තාපල්ට පහරදීමට සම්බන්ධ බව කියන තවත් හත්දෙනකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වාගෙන යයි.
අත්අඩංගුවට ගැනීමට සොයන සැකකරුවන් අතර කොස්තාපල්ට පහරදීමට මිතුරන් කැටිව ගිය තරුණයා ද සිටින බව එම උසස් පොලිස් නිලධාරියා කීය.
පොලිස් කොස්තාපල් පදිංචිව සිටින නිවස අසල නිවසක පදිංචිව සිටින තරුණියකගේ ජංගම දුරකථනයට කොස්තාපල් කෙටි පණිවිඩ යවා ඇතැයි කියමින් එම තරුණියගේ පෙම්වතා බව කියන තරුණයා කොස්තාපල් සමඟ බහින්බස්වී මෙම පහරදීම කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.
පහරකෑමට ලක්වූ පොලිස් කොස්තාපල් මේ බව කරන්දෙණිය පොලිසියට පැමිණිලි කර ඇත.
කොස්තාපල්ට පහරදීමට ගිය කණ්ඩායමේ සිටි 19 හැවිරිදි තරුණයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
කරන්දෙණිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart