June 29, 2024

ජූනි මස අග සිට කල් ඉකුත්වන සියලුම විදේශ ගමන් බලපත්‍රවල වලංගු කාලය වසරකින් දීර්ඝ කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඊට හේතු වී ඇත්තේ ඊ-පාස්පෝට් ව්‍යාපෘතිය ලබන වසරේ ජනවාරි මස ඇරඹීමට නියමිත වීමයි.

ඒ අනුව වසර දහයකට පසු ජුනි 30 වැනිදා සිට කල් ඉකුත්වන විදේශ ගමන් බලපත්‍ර වසරක් දක්වා දීර්ඝ කිරීම නොමිලේ සිදුකරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

නව ඉලෙක්ට්‍රොනික චිප් ඇතුළත් කර ඇති විද්‍යුත් ගමන් බලපත්‍රය ලබන වසරේ ජනවාරි මාසය වන විට මහජනතාවට නිකුත් කෙරෙන අතර, නව විදේශ ගමන් බලපත්‍රය විද්‍යුත් ගමන් බලපත්‍රයක් බවට පත් කර ගැනීමට මහජනතාව උනන්දු කරවන බව ද එම දෙපාර්තමේන්තුව කියයි.

නව විද්‍යුත් විදේශ ගමන් බලපත්‍රය මුද්‍රණය කිරීම සඳහා ලංසු කැඳවීමෙන් පසු මේ වන විට සමාගමක් තෝරාගෙන තිබේ.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූ පසු වාර්ෂිකව විද්‍යුත් ගමන් බලපත්‍ර ලක්ෂ 7ක් පමණ නිකුත් කිරීමට දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වේ.

42.31%
17.27%
32.76%