
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අද (19) උදෑසන අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය තුළ සිදු වූ වෙඩිතැබීමට ආධාර සහ අනුබල දුන් කාන්තාවක් හඳුනාගෙන ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.
මෙම වෙඩිතැබීමෙන් කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ අපරාධ කල්ලි නායකයකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ‘ගනේමුල්ල සංජීව’ ඝාතනයට ලක්විය.
කොළඹ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පැවසුවේ, නීතිඥවරයක ලෙස වෙස්වලාගෙන අධිකරණ සංකීර්ණයට ඇතුළු වූ සැකකාර කාන්තාව, ඝාතනයට භාවිත කළ තුවක්කුව අධිකරණය තුළට ගෙනැවිත් ඇති බවයි.
වෙඩිතැබීම සඳහා භාවිත කළ ගිනිඅවිය වන රිවෝල්වරයක්, සැකකාර කාන්තාව විසින් තුවක්කුවේ හැඩයට පිටු කපා සාදන ලද කුහරයක් සහිත ‘ආපරාධ නඩුවිධාන සංග්‍රහය’ පොතක් තුළ සඟවා අධිකරණ පරිශ්‍රයට හොර රහසේ ගෙන ආ බව ඔහු තහවුරු කළේය.
තවද, අධිකරණ පරිශ්‍රයට පිවිසීමට ගේට්ටු කිහිපයක් ඇති බව පැහැදිලි කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනතුංග පැවසුවේ, අවට සිටි පුද්ගලයන්ට “ඇතුළත වෙඩිතැබීමක් සිදුවන” බව පවසමින් ප්‍රහාරකයා අසල ගේට්ටුවකින් පළාගොස් ඇති බවයි.
පොලිසිය වහාම ගේට්ටු වසාදැමීමට පියවර ගෙන අධිකරණ පරිශ්‍රය ආවරණය කරමින් සෝදිසි කිරීමක් සිදු කළද, සැකකරු ඒ වන විටත් එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවත්, මහේස්ත්‍රාත්වරයාගේ ආරක්ෂාව සහතික කිරීම, අධිකරණ පරිශ්‍රය තුළ අනෙකුත් සැකකරුවන් පළායෑම වැළැක්වීම සහ තවත් ක්‍රියා පටිපාටි කිහිපයක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය සමත් වූ බවත් ඔහු පැහැදිලි කළේය.
කෙසේවෙතත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) සහාය ඇතිව කොළඹ අපරාධ කොට්ඨාශය (CCD) විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart