April 11, 2024

අවිස්සාවේල්ල ප්‍රදේශයේ හෝටලයකදී කාන්තාවක් සැකකටයුතු ලෙස මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, 23 හැවිරිදි අදාළ කාන්තාව ඊයේ සවස පිරිමියකු සමඟ හෝටලයට පැමිණ ඇති බවයි.

ඔවුන් හෝටල් කාමරයේ සිට ඇති  අතර විනාඩි කිහිපයකට පසු එම පුද්ගලයා හෝටල් කළමනාකාරීත්වයට දන්වා ඇත්තේ කාන්තාව හදිසියේම සිහිසුන්ව වැටී ඇති බවයි.

මෙම මරණය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

මියගොස් ඇත්තේ වලපනේ ප්‍රදේශයේ පදිංචි 23 පදිංචිකාරියකි.

42.31%
17.27%
32.76%