November 14, 2024

පෙරපාසලක දරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ලවීමේ සිදුවීමක් තලාව හැළඹවැව ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙම බඹර ප්‍රහාරයෙන් පෙරපාසල් දරුවන් 17දෙනකු රෝහල්ගත කර ඇති බව තලාව පොලිසිය පවසයි.

මෙම පෙරපාසලේ වාර්ෂික විවිධ අතරතුර මෙම අනතුර සිදුව තිබේ.

පෙරපාසල් භුමියේ ගසක බැඳ තිබූ බඹර වදයකට උකුස්සකු පහරදීම හේතුවෙන් එහි බඹරුන් ඇවිස්සීමට ලක්ව ඇත.

බඹර ප්‍රහාරයට ලක්වූ දරුවන් තලාව මුලික රෝහලට ඇතුළත් කර ඇති අතර, අසාධ්‍ය තත්වයේ පසුවූ දරුවන් තිදෙනෙක් පසුව අනුරාධපුරය ශික්ෂණ රෝහලට ඇතුලත් කළ බව වාර්තා වැඩිදුරටත් අනාවරණය කරයි.

42.31%
17.27%
32.76%