January 17, 2024

අද ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක වාතයේ ගුණාත්මක භාවය පිරිහී ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

ඒ අනුව අද පෙරවරු 09.30 වන විට කොළඹ, ගාල්ල, කුරුණෑගල සහ ගම්පහ යන ප්‍රදේශවල වාතයේ ගුණාත්මකභාවය සෞඛ්‍යයට අහිතකර ලෙස සටහන් වේ.

අනුරාධපුර, මහනුවර, මීගමුව, මිරිහාන සහ බණ්ඩාරවෙල ප්‍රදේශවල ශ්වසන සංවේදී කණ්ඩායම් සඳහා වාතයේ ගුණාත්මකභාවය සෞඛ්‍යයට අහිතකර ලෙස බලපානු අතැයි ප්‍රකාශවී ඇත.

මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

42.31%
17.27%
32.76%