Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාතර දිස්ත්‍රික් මහ රෝහල සහ කඹුරුගමුව නව දිස්ත්‍රික් රෝහල අතර ස්ථානමාරුවීම් පිළිබද හදිසි අත්තනෝමතික තීරණ හේතුවෙන් ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ 2025 වාර්ෂික ස්ථානමාරු ක්‍රියාවලිය අර්බුදයකට ලක්ව තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ මෙරට සෞඛ්‍ය පද්ධතියේ ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ක්‍රමවේදය ක්‍රියාත්මක වන්නේ ආයතන සංග්‍රහය, රාජ්‍ය කොමිෂන් සභාවේ කාර්ය පරිපාටිගත රීති සහ අදාළ චක්‍රලේඛයන්ට අනුකූලව බවයි.
එහිදී ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථානමාරු ලැයිස්තු ක්‍රියාත්මක විය යුතු කාල රාමුව පවා ආයතන සංග්‍රහය තුළ නිශ්චිතව සඳහන් කර ඇති බව ඔහු සඳහන් කරයි.
ඒ අනුව ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්ගේ 2025 වර්ෂයේ වාර්ෂික ස්ථානමාරු අවසන් ලැයිස්තුව 2024.11.01 දින වන විට ප්‍රකාශයට පත්විය යුතුව තිබුණ ද, මෙතෙක් එහි ඉල්ලුම් පත්‍රය පවා ප්‍රකාශයට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කර නැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකිව යුතු නිලධාරීන්ගේ අකාර්යක්ෂම සහ අක්‍රමවත් ක්‍රියාකාරීත්වයට අමතරව, මාතර දිස්ත්‍රික්කයේ ප්‍රධානතම රෝහල් ද්විත්වය සම්බන්ධයෙන් ගත් අත්තනෝමතික තීරණයක්ද ගැටලු සහගත බව එම සංගමය කියයි.
මාතර දිස්ත්‍රික් මහ රෝහල සහ එහි සේවාවන් වඩා පුළුල් කිරීමේ අරමුණින් 2013 වර්ෂයේදී කොරියානු රජයෙන් ලැබුණු ආධාර මත මාතර රෝහලට කිලෝමීටර් 10ක් ඈතින් පිහිටි කඹුරුගමුව ප්‍රදේශයේ මෙම නව දිස්ත්‍රික් මහ රෝහල ඉදි කරන ලදී.
එම ව්‍යාපෘතියේ කොටසක් සම්පූර්ණ කර 2013 වර්ෂයේදි රෝගී සත්කාර සේවාවන් ආරම්භ කරන ලද අතර මේ වන විට ප්‍රසව හා නාරි ඒකක, ළමා රෝග ඒකක, නොමේරු ළදරු ඒකක, විකිරණවේදි අංශය, පිලිකා රෝගී අංශය සහ බාහිර රෝගී අංශයක් එහි ස්ථාපිත කර සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යනු ලබයි.
එහෙත් අදාළ ව්‍යාපෘතිය මේ වන විට අතර මඟ නතර වී ඇති අතර ආධාර ව්‍යාපෘතියද අත්හිටුවා ඇති බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
අඩක් නිමවී ඇති කඹුරුගමුව නව රෝහලේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් කිසිදු සැලැස්මක් ද මෙතෙක් නොමැති වුවද සෞඛ්‍ය අමාත්‍යංශය පසුගිය සමයේදී වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු සඳහා මෙම රෝහල් ද්විත්වය ආයතන දෙකක් සේ සළකන ලදැයි එම සංගමය පවසයි.
ඒ අනුව කඹුරුගමුව නව දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර සේවාවන් ආරම්භ කරනු ලැබූ 2013 වර්ෂයේ සිට පසුගිය වසර දක්වා එම රෝහලත්, මාතර දිස්ත්‍රික් මහ රෝහලත්, රෝහල් දෙකක් සේ සළකා එම ආයතන අතර ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක වී තිබේ.
එහෙත් එක්වරම 2024 වර්ෂයේ සිට මෙම රෝහල් දෙක අතර ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් ලබාදීම අත්හිටුවීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
ඔවුන් පෙන්වා දෙන්නේ මේ හරහා එම රෝහල් ද්විත්වය අතර ස්ථාන මාරු ලැබූ වෛද්‍යවරුන් 19 දෙනෙකුගේ ස්ථාන මාරු නියෝග රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අත්හිටුවා ඇති අතර ඒ හේතුවෙන් එම වෛද්‍යවරුන් පිරිස දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවයි.
එවන් තීරණ අවම වශයෙන් වර්ෂය ආරම්භයේදීවත් ප්‍රකාශයට පත්විය යුතු වුවද, 2024 වාර්ෂික ස්ථාන මාරුව ලැයිස්තුව ප්‍රකාශයට පත් වූ පසුව එම තීරණය ප්‍රකාශයට පත්වීම මෙම ගැටලුව තවත් තීව්ර කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
මාතර දිස්ත්‍රික්කයේ වෛද්‍යවරුන් සහ රට පුරා වෛද්‍යවරුන් 5000කට අධික පිරිසක් අසාධාරණයට ලක් කරමින්, මාතර දිස්ත්‍රික්කයේ රෝගී ජීවිත ද අවදානමට ලක් කරමින් ක්‍රියාත්මක වන මෙම අත්තනෝමතික තීරණය ආපසු හරවා සාධාරණය ඉටුකිරීමට සෞඛ්‍ය බලධාරීන් වහාම කටයුතු නොකරන්නේ නම්, එළඹෙන සතියෙන් අනතුරුව ඕනෑම මොහොතක වෘත්තිය ක්‍රියාමාර්ගවලට වුව ද එළඹීමට සිදුවනු ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart