Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නවසීලන්ත පාර්ලිමේන්තු සැසිවාරයක් නැරඹීම සඳහා එරට පාර්ලිමේන්තුවට පැමිණි ශ්‍රී ලංකා කාන්තා පර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමයට උණුසුම් පිළිගැනීමක් හිමිවී තිබේ.
එහිදී ශ්‍රී ලංකා කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ සභාපතිනි, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු පිරිස සභාගර්භයේ සිටින බව නවසීලන්ත පාර්ලිමේන්තු කථානාකවරයා සභාවට නිවේදනය කළේය.
එහි පැමිණි නියෝජිත පිරිස, නවසීලන්ත නියෝජ්‍ය කථානායක ග්‍රෙග් ඕ කෝනර් ඇතුළු පාර්ලිමේන්තු සමාජිකයන් විසින් නවසීලන්ත මාඕරි සංස්කෘතියට අනුව ආශිර්වාද ගීතයක් ගායනා කරමින් පිළිගැනිණි.
අනතුරුව ශ්‍රී ලංකා නියෝජිත පිරිස හා නවසීලන්ත කථානායක ඇඩ්‍රියන් රූරවේ, නියෝජ්‍ය කථානායක ඕ කෝනර් හා සහකාර කථානායක ජැකී ඩීන් සමග විශේෂ සාකච්ඡාවක නිරත වු අතර, නවසීලන්ත පාර්ලිමේන්තු මහලේකම් ඩේවිඩ් විල්සන් සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර හා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සමාජිකයන් අතර විශේෂ හමුවක්ද පැවැත්විණි.
පාර්ලිමේන්තු ප්‍රධාන විධායක රෆායෙල් ගොන්සාලෙස් , කාන්තා හා අධ්‍යාපන අමාත්‍ය ජෑන් ටිනෙට්ටි, ප්‍රජා හා ස්වේච්ඡා ඇමැති ප්‍රියංකා රාධක්‍රිෂ්ණන් , කම්කරු පක්ෂයේ සභාපති ජිල් ඩේ, නවසීලන්තයේ කාන්තා නියෝජ්‍ය සභාපතිනි කැරොල් බියුමොන්ට්, පොදුරාජ්‍ය මණ්ඩලීය කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, වනුෂි වෝල්ටර්ස් ඇතුළු කම්කරු පක්ෂයේ සමාජිකයන් ද ශ්‍රී ලංකා කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සමඟ සාකච්ඡාවක නිරත වූ අතර නියෝජත පිරිස වෙනුවෙන් නවසීලන්ත පාර්ලිමේන්තු සංචාරයක් සංවිධානය කර තිබිණි.
සිය නවසීලන්ත සංචාරයේ පළමු අදියරේදී ශ්‍රී ලංකා කාන්තා පාර්ලිමේන්තු කණ්ඩායම, නවසීලන්ත හිටපු අගමැතිනියන් වන ජසින්ඩා ආර්ඩන් හා හෙලන් ක්ලාක් හමුවී තිබූ අතර එහිදී කාන්තා නායකත්වය සවිබල ගැන්වීම සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය ප්‍රවර්ධනය කිරීම පිළිබදව සාකච්ඡා කර ඇත.
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ නායකත්වය සවිබල ගැන්වීම සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මයතාව හා ඔවුන්ගේ ප්‍රගතිය ඇති කිරීමේ අරමුණින් මෙම චාරිකාව සංවිධානය කර තිබිණි.
මේ සඳහා අනුග්‍රහකත්වය එක්සත් ජනපද අන්තර්ජාතික සංවර්ධනය සදහා වු නියෝජිතයාතනය (USAID ) විසින් ලබාදී ඇති බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart