Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති අනුර කුමාර දිසානායක මේ මස නව පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම් සතියේදී මුදල් ඇමැතිවරයා වශයෙන් අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරනු ඇත.
ලබන අප්‍රේල් දක්වා මාස හතරක කාලයක් රජයේ සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යෑම එම අතුරු සම්මත ගිණුම විසින් සහතික කරනු ඇති අතර ඉන් පසුව රජය 2025 සඳහා අයවැය ඉදිරිපත් කරනු ඇත.
වාර්තා වන පරිදි මුදල් අමාත්‍යාංශය දැනට අතුරු සම්මත ගිණුම සම්පාදනය කරමින් සිටී.
නව කැබිනට් මණ්ඩලය එය අනුමත කළ පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති බව වාර්තා වේ.
නව පාර්ලිමේන්තුව පළමු වරට රැස්වීමට නියමිතව ඇත්තේ නොවැම්බර් 21 වැනිදාය.
ඉදිරි මාස හතර සඳහා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීමට ප්‍රතිපාදන සම්පාදනය කිරීම සඳහා නත්තලට පෙර අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුව විසින් විවාද කර සම්මත කළ යුතුව තිබේ.
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමේ ප්‍රතිපාදන අතුරු සම්මත ගිණුමට ඇතුළත් නොවන බව වාර්තා වේ.
වත්මන් ආර්ථික වර්ධනය සැළකිල්ලට ගනිමින්, භාණ්ඩාගාරයට අනවශ්‍ය බරක් පැටවීමකින් තොරව 2025 අයවැය හරහා රාජ්‍ය අංශයේ රුපියල් 6,500ත් 7,500ත් අතර වැටුප් වැඩිවීමක් ලබාදිය හැකි බව මුදල් අමාත්‍යාංශය ඇස්තමේන්තු කරයි.
මීට අදාළ අයවැය දැනට සකස් කර ඇතත් ඒ සම්බන්ධයෙන් අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) සමඟ සාකච්ඡා කිරීමට අවශ්‍ය වනු ඇත.
කෙසේවෙතත්, රාජ්‍ය අංශයේ වැටුප් රුපියල් 6,500-7,500 මට්ටමෙන් ඔබ්බට වැඩි කිරීමට ගන්නා ඕනෑම පියවරක් මගින් භාණ්ඩාගාරයට සිදුවන පාඩු පියවා ගැනීම සඳහා රජයට බදු වැඩි කිරීමට සිදුවනු ඇත.
මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසන්නේ එහිදී බොහෝ විට එකතු කළ අගය මත බද්ද (වැට්) සියයට 1කින් හෝ 2කින් වැඩි කිරීමට සිදුවනු ඇති බවයි.
මේ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමන් ජනාධිපතිව සිටියදී පත්කළ උදය ආර් සෙනෙවිරත්න කමිටු වාර්තාවේ නිර්දේශ කර ඇති පරිදි අදියර දෙකකින් රාජ්‍ය අංශයේ වැටුප් රුපියල් 20,000කින් වැඩි කිරීම ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලා තිබේ.
හිටපු ජනාධිපතිවරයාගේ රජය සමයේ නිර්දේශ කරන ලද වැටුප් වැඩි කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය ද අයවැය ලේඛනගත කර ඇත්තේ එය එවක පැවති රජයේ ආර්ථික ප්‍රතිපත්තියට අනුගත වූ බැවින් බව වාර්තා වෙයි.
“කෙසේවෙතත්, වත්මන් රජයේ ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් වන අතර, අඩු මුදලක් ගණනය කර අයවැය සකස් කර ඇත්තේ එබැවින් බවත් ඕනෑම තවත් වැඩිවීමක් සඳහා අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා අවශ්‍ය වනු ඇති බවත් මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart