51.99%
17.7%
23.19%
August 17, 2024

මේ වසරේ ඉතිරි කාලය තුළ වියදම් පියවා ගැනීම සඳහා ප්‍රතිපාදන ලබාගැනීමට පරිපූරක ඇස්තමේන්තුවකට පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගන්නේ ද එසේත් නැතිනම් සම්පූර්ණ අයවැයක් ඉන්පසුව ඉදිරිපත් කරන්නේ ද යන්න පිළිබඳ රජය අවධානය යොමු කරමින් සිටින බව රාජ්‍ය මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ පවසයි.

ඔහු පවසන්නේ නව වියදම් ප්‍රතිපත්තිවලින් සමන්විත නොවන බැවින් පරිපූරක ඇස්තමේන්තුව ප්‍රායෝගික වනු ඇති බවයි.

ජනාධිපතිවරණයට පෙර පරිපූරක ඇස්තමේන්තුව සඳහා ඡන්ද විමසීමක් පැවැත්විය හැකි බව ද ඔහු පෙන්වා දෙයි.

“කොහොම වුණත් ජනාධිපතිවරණයෙන් පසු අයවැයක් ගෙන ඒමේ හැකියාව අපි බලනවා. එය තීරණය වන්නේ ජනාධිපතිවරණයෙන් පසු සභාව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා බලාපොරොත්තු වන කාලය මතයි. දේශපාලන ස්ථාවරත්වය දෙස බලා ආණ්ඩු පක්ෂයට ආසන කීයක් හිමි වේද යන්න තීරණය කිරීමටද අපට සිදුවනවා. ඒ වගේම අයවැයක් ඉදිරිපත් කරන්න ගියොත් දීර්ඝ ලෙස සාකච්ඡා කරන්න වෙනවා. මේ සියලු දේවල් සඳහා ප්‍රමාණවත් කාලයක් තිබේද යන්න තීරණය කළ යුතුයි,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසා ඇත.

මේ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවත් ඉදිරියේදී අවසන් තීරණයකට එළැඹෙන බවත් ඔහු පවසා ඇත.

 

51.99%
17.7%
23.19%