November 23, 2024

යාපනය දිස්ත්‍රික්කයෙන් ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට තේරීපත්වූ වෛද්‍ය අර්චුනා රමනාතන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග කළ දුරකථන සංවාදයකට අදාළ හඬපට සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබේ.

අදාළසංවාදය සිදුව ඇත්තේ ජනාධිපතිවරණය සමයේ බව කියැවේ.

එහිදී යාපනයේ ඡන්ද ලබා ගැනීමට තමන් වෙනුවෙන් සහාය වන ලෙස සජිත් ප්‍රේමදාස ඉල්ලීමක් කර ඇත.

ඊට වෛද්‍ය අර්චුනා රමනාතන් එකඟවී ඇතත් පසුව තමාට නුසුදුසු ලෙස සැළකූ බවට ඔහු චෝදනා කරයි.

ඒ සම්බන්ධයෙන් වෛද්‍ය අර්චුනා තිස්ස අත්තනායකට ද දුකථන ඇමතුමක් ලබා දී ඇත.

42.31%
17.27%
32.76%