April 7, 2024

මෙම වසරේ චන්ද්‍රග්‍රහණ දෙකක් සහ සූර්යග්‍රහණ දෙකක් පැවතිය ද ශ්‍රී ලංකාවාසීන්ට ඒ කිසිවක් දැකගත නොහැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ සහ නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න පවසයි.

හෙට දිනයේදී පූර්ණ සූර්යග්‍රහණයක් සිදුවීමට නියමිත අතර එය ලෝකයේ ඉතා ප්‍රසිද්ධ සූර්යග්‍රහණයක් වේ.

ඒ අනුව, විශේෂයෙන් අමෙරිකාවේ හෙට දිනයේදී ඇතැම් පාසල් වසාදමනු ඇත.

සූර්යග්‍රහණය ඇති වනුයේ සූර්යයාගේ කොටසක් හෝ සම්පූර්ණ සුර්යයෑම වැසී යන පරිද්දෙන් සූර්යා සහ පෘථිවිය අතරින් සඳ ගමන් කිරීම හේතුවෙනි.

මෙම අවස්ථාවේදී ටෙක්සාස් සිට මේන් දක්වා ඇමරිකා එක්සත් ජනපදය හරහා කිලෝමීටර් 185 ක පමණ සීමාවට මෙම සූර්යග්‍රහණය හොඳින් නිරීක්ෂණය වනු ඇත.

කෙසේවෙතත් එය මෙම සූර්යග්‍රහණය මෙවර ශ්‍රී ලංකාවට නොපෙනෙන බව පැවසේ.

එහෙත් බටහිර යුරෝපයේ, උතුරු ඇමරිකාවේ, දකුණු ඇමරිකාවේ උතුරු කොටසේ, පැසිෆික්, අත්ලාන්තික් සහ ආක්ටික් යන කලාපවල පිහිටි රටවලට හොඳින් නිරීක්ෂණය වෙයි.

ශ්‍රී ලංකා සම්මත වේලාවට අනුව සූර්යග්‍රහණය ආරම්භ වීමට නියමිතව ඇත්තේ හෙට රාත්‍රී 9.12 ට ය.

එය අප්‍රේල් 9 දින අලුයම 2.22ට අවසන් වේ.

ශ්‍රී ලාංකිකයන්ට දැකගත හැකි මීළඟ චන්ද්‍රග්‍රහණය 2025 සැප්තැම්බර් 7 වැනිදාට සිදුවීමට නියමිත චබව මහාචාර්ය චන්දන ජයරත්න වැඩිදුරටත් සඳහන් කරයි.