53.84%
19.85%
20.11%
August 18, 2024

ඝාතනය කරන ලද ත්‍රිරෝද රථ රියදුරෙකුගේ සිරුරක් තලංගම – අරුක්පිටිය ප්‍රදේශයේ ගරාජයක් තුළ තිබියදී සොයා ගෙන තිබේ.

දැනට කළ විමර්ශන අනුව මියගිය පුද්ගලයා 45 හැවිරිදි අයකු බවට හඳුනාගෙන ඇත.

විමර්ශන සිදුකරන තලංගම පොලීසිය පවසන්නේ ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කර ඇති බවයි.

සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.

ඝාතනයට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.

 

53.84%
19.85%
20.11%