September 12, 2024

හිඟුරක්ගොඩ මැදිරිගිරිය ප්‍රධාන මාර්ගයේ දොරදෙක ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කළ ත්‍රිරෝද රථයක් යෝධ ඇළට පෙරළී යෑමෙන් එහි රියදුරා තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුලත් කර තිබේ.

ත්‍රිරෝද රථය යෝධ ඇළට පෙරළීගොස් ඇත්තේ මාර්ගය හරහා ගමන් කළ සුනඛයකු බේරාගැනීමට උත්සාහ කිරීමේදීය.

අද උදෑසන අටට පමණ මෙම අනතුර සිදුව තිබිණි.

අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථයේ වෙනත් මගීන් සිට නැත.

අනතුරෙන් තුවාල ලබා ඇත්තේ පොළොන්නරුව කිඹුලාවල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.