November 5, 2024

අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5ක් සමඟ තායිලන්ත කාන්තාවක් කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් අයිස් තොගයේ වටිනාකම රුපියල් මිලියන 100ක් පමණ වන බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

අත්අඩංගුවට ගත් 33 හැවිරිදි තායි ජාතික සැකකාරිය අද අලුයම මැලේසියාවේ සිට පැමිණි තිබේ.

කටුනායක ගුවන් තොටුපළේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් ග්‍රීන් චැනල් ප්‍රදේශයේදී ඇය අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාරියගේ ගමන් මල්ලේ ආහාර ඇසුරුම්වල සඟවා තිබියදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකිවී තිබේ.

ශ්‍රී ලංකා රේගුව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

42.31%
17.27%
32.76%