January 5, 2024

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ අඩුම පන්දු සංඛ්‍යාවකින් තරගයක් ජයග්‍රහණය කළ කණ්ඩායම බවට පත්වීමට ඉන්දියාව ඊයේ සමත්විය.

කේප්ටවුන් හිදී දකුණු අප්‍රිකාව සමග පැවැති දෙවැනි ටෙස්ට් තරගය කඩුලු 07කින්, තරග⁣යේ දින 03ක් ඉතිරිව තිබියදී ජයගනිමින් එම ලෝක ටෙස්ට් වාර්තාව තැබීමට ඉන්දියාව සමත්විය.

ඒඅනුව ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය දින දෙකකදී නිමාවට පත්වූයේ, පන්දු 642ක් පමණක් වැය කරමිනි.

මීට පෙර 1932 වසරේ දී මෙල්බර්න් හිදී පන්දු 656කදී අඩුම පන්දු ගණනකදී ටෙස්ට් ජයග්‍රහණයක් ඕස්ට්‍රේලියාව වාර්තා කර තිබුණේ දකුණු අප්‍රිකානු කණ්ඩායම හමුවේය.

ඊයේ නිමාවූ තරගයේදී පළමු ඉනිමට දකුණු අප්‍රිකාව ලකුණු 55ක් සහ ඉන්දියාව පළමු ඉනිමට ලකුණු 153ක් රැස්කළ කළ අතර, දකුණු අප්‍රිකාව දෙවැනි ඉනිමට ලකුණු 173ක් වාර්තා කළේය.

ඒ අනුව, තරගයේ දෙවැනි දිනය වූ ඊයේ ලකුණු 79ක ජයග්‍රහණයක් හඹාගිය ඉන්දියාව, කඩුලු 03ක් දැවී ලකුණු 80ක් ලබා තරගය ජයගත්තේ ටෙස්ට් තරගාවලිය එකට එකක් ලෙස සමකරමිනි.