January 21, 2024

එළැඹෙන වියළි සමයේදී අපේක්ෂිත හිඟය පියවා ගැනීම සඳහා මෙගාවොට් 150 කට ආසන්න අතිරේක විදුලිය පෞද්ගලික අංශයෙන් ලබාගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය මාර්තු මස අග සිට නව ටෙන්ඩරයක් ඉදිරිපත් කිරීමට නියමිතය.

Sunday Morning වාර්තා කරන ආකාරයට මීට පෙර කැඳවා ඇති ටෙන්ඩරය වෙනුවට අලුතින්ම ටෙන්ඩරයක් කැඳවීමට ලංවිම තීරණය කර ඇත.

මීට පෙර කඳවු ටෙන්ඩරයට ‘උනන්දුව ප්‍රකාශ කිරීම්’ (EOIs) ලැබී තිබුණද, තාක්ෂණික අභියෝග හේතුවෙන් ඒවා අවසන් කිරීමේදී ගැටලු කිහිපයක් මතුව තිබේ.

2022 දී වසරේදී ලැබුණු කැබිනට් අනුමතියකට යටත්ව මෙම අතිරේක බලය ලබාගැනීමට ලංවිම සූදානම් වේ.

ක්ෂණික විදුලි සැපයුම් හිඩැස්වලට ප්‍රතිචාර වශයෙන්, ලංවිම විසින් Ace Power ඇඹිලිපිටිය (100 MW) සහ මාතර (20 MW) වෙතින් මීට පෙර හදිසි විදුලිය මෙගාවොට් 120ක් ලබාගෙන තිබේ.

පසුගිය වියළි කාලයේදී සිඳී ගිය උඩවලව ජලාශයට සම්බන්ධ සමනලවැව ජලාශය හේතුවෙන්, දකුණු පළාතට අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීම සඳහා කැබිනට් අනුමැතිය අවශ්‍ය වීම මත මෙම හදිසි අවශ්‍යතාව මතුව ඇත.

දැනටමත් අත්සන් කර ඇති හදිසි විදුලි ගිවිසුම් ලබන මස අග වන විට අවසන් වීමට නියමිතව තිබියදීත්, දැනට හදිසි විදුලිය සපයන ස්වාධීන බලශක්ති නිෂ්පාදකයින් සමඟ ගිවිසුම් දීර්ඝ කරන්නේද යන්න පිළිබඳව මණ්ඩලය තවමත් තීරණය කර නොමැත.

ලංවිම ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නොයෙල් ප්‍රියන්තගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කර ඇත්තේ, වර්ෂාව නොලැබුණහොත් අප්‍රේල් මාසයේදී මෙගාවොට් 150ක පමණ හිඟයක් ඇති වන බවයි.

42.31%
17.27%
32.76%