Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇල්පිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක් අලුත්වැඩියා කිරීමට යැයි පවසමින් ව්‍යාජ ලියවිල්ලක් පෙන්වා වෙළෙඳපොළක සිටි පිරිසකගෙන් වංචනිකව ආධාර මුදල් එකතු කිරීමේ නිරතව සිටි බව කියන 48 හැවිරිදි චීවරධාරියකු පෙරේදා (10) සැකපිට අත්අඩංගුවට ගත් බව මීගහතැන්න පොලිසිය පවසයි.
ගාල්ල ප්‍රදේශයේ පිහිටි ආරණ්‍ය සේනාසනයක වැඩ වාසය කරමින් සිටියදී මෙම භික්ෂුව අධික බීමත්කම නිසා එම විහාරස්ථානයෙන් පන්නා දමා ඇති බව පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
විහාරස්ථානයෙන් පන්නා දැමීමෙන් පසු මෙම සැකකරු සිවුර අත නොහැර මෙසේ වංචනිකව බැතිමතුන්ගෙන් මුදල් එකතු කිරීමේ නිරතව සිට ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ‘ලංකාදීපය පුවත්පත’ට පවසා ඇත.
බැතිමතුන්ගෙන් මුදල් එකතු කිරීමේ නිරතව සිටියදී මෙම චීවරධාරියාගේ මුවින් මත්පැන් ගඳ වහනය වීම නිසා ඇති වූ සැකයක් මත මීගහතැන්න පොලිසියට දැනුම්දී තිබේ.
පොලිස් කණ්ඩායමක් පැමිණ චීවරධාරියා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන් පසුවය.
ඒ අනුව, මීගහතැන්න පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart