March 30, 2025

ගමන් මල්ලක සඟවා තිබූ ටී-56 රයිෆලයක් සහ මැගසින් දෙකක් මාතලේ පොලිස් වසමට අයත් සුදු ගඟ රක්ෂිතයේ තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබේ.

මාතලේ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත ඊයේ (29) සවස කළ සෝදිසියකදී මෙම ටී-56 රයිෆලය සහ මැගසින් දෙකක් සොයාගෙන ඇත.

මෙම ස්ථානයේ මෙම ගිනිඅවි සඟවා තැබූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මාතලේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

වැඩබලන පොලිස්පතිගේ උපදෙස් පරිදි පොලිසිය විසින් දිවයින පුරා සිදු කරනු ලබන අපරාධ සහ මත්ද්‍රව්‍ය වැළැක්වීමේ වැඩසටහනේ කොටසක් ලෙස මෙම මෙහෙයුම සිදු කරන ලදී.