July 15, 2024

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක සචිත්‍ර සේනානායකගේ කලල්ගොඩ පිහිටි නිවසෙන් රුපියල් ලක්ෂ පනහකට අධික වටිනාකමින් යුත් මුදල් හා භාණ්ඩ සොරගැනීමේ සිද්ධියට අදාළ සැකකරු කොට්ටාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ, තලංගම උතුවන්කන්දේ පදිංචි 34 හැවිරිදි අයකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

ඒ අනුව, අත්අඩංගුවට ගත් සැකකරුගේ නිවසේ තිබී ලැප් ටොප් යන්ත්‍රයක්, ටැබ් 02ක්, වටිනා අත් ඔරලෝසු පහක්, අත් පළඳනා හතරක්, කනේ පළඳින ආභරණ දෙකක් සහ රුපියල් දස දහසක මුදලක් පොලිසිය භාරයට ගෙන ඇත.

42.31%
17.27%
32.76%