Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර රිය අනතුරක් සිදුකර ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවට නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණයට දැනුම්දීමත් සමඟ, ඔහුට ලබා දී ඇති ආරක්ෂාව තර කරන ලෙස අපරාධවලට ගොදුරුවූවන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරිය ආරක්ෂක හා මහජන ආරක්ෂක අමාත්‍යංශ වෙත නිර්දේශ කර තිබේ.
ශානි අබේසේකර රිය අනතුරක් කර ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් නීතිපති සංජේ රාජරත්නම් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ රොහාන්ත අබේසූරිය ඊයේ අභියාචනාධිකරණයට හෙළි කළේය.
තමන්ට ජීවිත තර්ජන එල්ල වී ඇති බැවින් ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දෙන ලෙස පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා ශානි අබේසේකර ගොනුකළ රිට් පෙත්සම සළකා බැලූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණ විය.
ශානි අබේසේකරගේ ජීවිත තර්ජන හෙළිවීමත් සමඟ අපරාධවලට ගොදුරුවූවන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරිය කිසියම් ක්‍රියාමාර්ගයක් ගන්නේ දැයි කළ විමසීමකදී එහි සභාපති ජනාධිපති නීතිඥ සුහද ගම්ලත් පැවසුවේ මේ සම්බන්ධයෙන් ආරක්ෂක සහ මහජන ආරක්ෂක අමාත්‍යංශ වෙත සුදුසු නිර්දේශ දැනටමත් ඉදිරිපත් කර ඇති බවයි.
“තර්ජන තක්සේරු කිරීමට අපට යාන්ත්‍රණයක් තිබෙනවා. ඒක රහසිගතව කරගෙන යනවා. එම වාර්තාවට අනුව අබේසේකරට බරපතළ තර්ජන ඇති බව අපට නිරීක්ෂණය වී තිබෙනවා. එය පදනම් කරගෙන අපි ආරක්ෂක සහ මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරුන්ට ඔහුට ලබාදෙන ආරක්ෂාව වැඩි කරන ලෙස නිර්දේශ කර තිබෙනවා.” යනුවෙන් ඔහු පැවසීය.
ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සහ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක අදහස් දැක්වීමට සම්බන්ධ නොවිණි.
ශානි අබේසේකරට එල්ල වී ඇති තර්ජනවල ස්වභාවය පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණය මීට පෙර අපරාධවලට ගොදුරුවූවන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරිය වෙත නියෝගයක් නිකුත් කර තිබිණි.
මෙම පෙත්සම පසුගිය සඳුදා අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ජනාධිපති නීතීඥ රොහාන්ත අබේසූරිය ප්‍රකාශ කළේ, එම අධිකාරියේ බුද්ධි අංශය විසින් පෙත්සම්කරුට එල්ල වී ඇති තර්ජනවල ස්වභාවය පිළිබඳ වාර්තාවක් එවා ඇති බවයි.
ශානි අබේසේකර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ දැනට තම සේවාදායකයාට ලබාදී ඇති ආරක්ෂාව පිළිබඳ කිසිසේත් සෑහීමකට පත්විය නොහැකි බවයි.
ශානි අබේසේකරගේ ආරක්ෂාවට යොදවා ඇත්තේ පැරණි යතුරුපැදියක් සහ පොලිස් නිලධාරීන් තිදෙනකු පමණක් බව පෙන්වාදුන් ඔහු, පෙත්සම්කරුට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදෙන ලෙස එම අධිකාරිය පොලිස්පතිවරයාට නියෝග කළද එය මෙතෙක් ඉටු වී නොමැති බවට චෝදනා කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart