January 1, 2024

රික්ටර් මාපකයේ 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් උතුරු ජපානයට බලපෑ බව විදෙස් ජනමාධ්‍ය පවසයි.

ඉෂිකාවා, නිගාටා සහ ටොයාමා ප්‍රාන්තවල වෙරළබඩ ප්‍රදේශවලට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇතැයි ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කරයි.

ප්‍රාදේශීය වේලාවෙන් සවස 4:10ට පමණ (GMT 07:10) ඉෂිකාවා ප්‍රාන්තයේ නෝටෝ කලාපයට භූමිකම්පාව ඇති වූ පසු සියලු නිවැසියන් වහාම උස් බිම් වෙත ඉවත් විය යුතුය බවට දන්වා ඇත.

ඉෂිකාවා ප්‍රදේශයට තවත් භූමිකම්පා අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව එහි සඳහන් වේ.

ජපාන කාලගුණ විද්‍යා ඒජන්සියට අනුව මීටර් පහක් (අඩි 16.5) දක්වා උසැති සුනාමිය නෝටෝ වෙත ළඟා වනු ඇතැයි විශ්වාස කෙරේ.

ටෝකියෝ අගනුවර අවට ප්‍රදේශයේ ගොඩනැගිලි සෙලවී තිබේ.

කෙසේවෙතත්, ජීවිත හානි පිළිබඳව තවමත් වාර්තා වී නොමැත.

දකුණු කොරියාවේ කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කර ඇත්තේ, නැගෙනහිර වෙරළ තීරයේ Gangwon පළාතේ ඇතැම් ප්‍රදේශවල මුහුදු මට්ටම ඉහළ යා හැකි බවයි.

ජපානය යනු භූමිකම්පා වලින් වැඩිම අවදානමක් ඇති රටවල් අතරින් එකකි.