December 4, 2024

තමාගේ ප්‍රකාශයක් ජාතික පුවත්පතක් විසින් චේතනාන්විතව සාවද්‍ය ආකාරයෙන් වාර්තා කර ඇතැයි මහජන සාමය පිළිබඳ ඇමති ආනන්ද විජේපාල අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මියගිය ඥාතීන් සිහිපත් කිරීම සම්බන්ධයෙන් තමා ගල්ගමුව ඇහැටුවැව ප්‍රදේශයේදී කරන ලද ප්‍රකාශයක් මෙලෙස විකෘති කර ඇති බව හෙතෙම පෙන්වාදුන්නේය.

එම සාවද්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවද ඇමතිවරයා සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භවී ඇති බවද ඇමතිවරයා ප්‍රකාශ කළේය.

42.31%
17.27%
32.76%