Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අමෙරිකා එක්සත් ජනපද රජය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 3 ක් වටිනා යුධ උපකරණ සහ අමතර කොටස් තොගයක් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව වෙත ප්‍රදානය කර තිබේ.
එම කටයුතු කටුනායක ගුවන් හමුදා කඳවුරේදී ඉකුත්දා සිදුකෙරිණි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව පැවසුවේ උපකරණ පරිත්‍යාග කිරීම අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 76 වැනි සංවත්සරයට සමගාමීව සිදුකෙරුණු බවයි.
පරිත්‍යාග කරන ලද ද්‍රව්‍ය තොග අතර, ගුවන් හමුදා අංක 02 සහ අංක 03 බලඝණ සඳහා C-130 ප්‍රවාහන ගුවන් යානා වෙනුවෙන් වන අමතර කොටස් වන බව පැවැසේ.
එමෙන්ම Beechcraft King එයාර් 360 ඊආර් සමුද්‍රීය මුර සංචාර ගුවන් යානා සඳහා භාවිත කරන ගුවන් සංචලන උපකරණ සහ ගුවන් යානා අමතර කොටස් ද නුදුරේදීම අමෙරිකාව විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පරිත්‍යාග කරනු ඇත.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලැබුණු සහ ඉදිරියේදී හිමිවන එම ප්‍රදානයේ මුළු වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 1.6කට අධික බව ගණන් බලා ඇත.
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් ඇන්තනි නෙල්සන් ද එම අවස්ථාවට එක්විය.
එහිදී රැස්ව සිටි පිරිස අමතමින් ඔහු මෙලෙස පැවසීය:
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂගේ සහ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ජූලී චන්ග්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.
ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
පසුගිය දශක තුන තුළ, එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට වෙරළාරක්ෂක නෞකා තුනක් පරිත්‍යාග කර ඇත.
තවත් යාත්‍රා හුවමාරුවක් සඳහා සාකච්ඡා සිදු කෙරෙමින් පවතී.
අමෙරිකාව ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්ට පුහුණු සැසි ගණනාවක් ද සපයයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart